සිවිල් ලියාපදිංචිය හඳුන්වාදීම
1. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම.2. උප්පැන්න,මරණ,විවාහ සහතික පිටපත් නිකුත් කිරීම.
3. කල්ගත වූ උපත් (ඉපදී තුන් මසක් ඉකුත් වී) ලියාපදිංචි කිරීම.
4. කල්ගත වූ මරණ (මරණය සිදු වී තුන් මසක්ගත වී) ලියාපදිංචි කිරීම.
5. උප්පැන්න සහතිකවල නමක් ඇතුළත් කීරිම. (අවු.21ට අඩු, අවු 21ට වැඩි) නම වෙනස් කිරීම (අවු.21ට අඩු, අවු 21ට වැඩි)
6. උප්පැන්න ලේඛනයක විස්තර වෙනස් කිරීම, නම් ඇතුළත් කිරීම හෝ අත්හැරීම (මවගේ තොරතුරු / පියාගේ තොරතුරු)
7. කොට්ඨාසය තුළ පිහිටි ලියාපදිංචි කළ ක්‍රිස්තියානි දේවස්ථානවල සිදු කරනු ලබන විවාහ ලියාපදිංචි කිරීම.
8. කාර්යාල තුළ විවාහ ලියාපදිංචි කිරීම.
උප්පැන්න සහතිකයේ නම වෙනස් කිරීම හෝ සංශෝධනය කිරීම
අවු 7 ට වැඩි අය සඳහාක්රිස්තියානි සහතිකය-ශිෂ්‍ය කාර්ය දර්ශකය
පුවත්පත් දැන්වීම - බැංකු පොත
ජාතික/තැපැල් හැදුනුම් පත - විවහ සහතිකය
රජයේ හෝ වෙනත් ආයතනයකින් ලබා ගන්නා ලද විස්තර වාර්තාව
ඡන්ද නාම ලේඛනයේ සහතික කළ පිටපත
ඉහත ලියවිලිවලින් අවම වශයෙන් තුනක්වත් ඉදිරිපත් කළ යුතුය.
ඊට අමතරව,
අදාළ ඉල්ලුම් පත්‍රය
සංශෝධනය කළ යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපත නම් දෙකින්ම හැදින්වෙන්නේ එකම පුද්ගලයකු බවට අදාළ ප්‍රාදේශීය ලේකම් අනු අත්සන සහිත ග්‍රාම නිලධාරී ලිපිය.
සැ.යු -
නම වෙනස් කිරීමට අදහස් කරන්නේ වයස අවුරුදු 21ට අඩු කෙනෙකුගේ නම්, එම ප්‍රකාශය ඉදිරිපත් කළ යුත්තේ එම අයගේ මව / පියා / භාරකරු විසින්ය.
අලුත් නම අවම වශයෙන් වර්ෂයක් හෝ භාවිතා කර තිබීම අනිවාර්ය වේ.
අවු 7 ට අඩු දරුවකුගේ
සංශෝධනය කළ යුතු උප්පැන්න සහතිකයක මුල් පිටපත
දෙමව්පියන්ගේ විවාහ සහතිකය
මව / පියාගේ ජාතික හැදුනුම්පත
අදාළ සංශෝධනයට මව හා පියාගේ විරෝධතාවයක් නොමැති බවට දිවුරුම් ප්‍රකාශය.
මෙම ප්‍රකාශ පත්‍රය භාරදිය යුත්තේ දරුවාගේ මව /පියා /භාරකරු විසින්ය.
ප්‍රකාශ පත්‍ර භාර දීමට සඳුදා හෝ බදාදා දිනයන්හී පමණක් පැමිණිමට කාරුණික වන්න.
උප්පැන්න සහතිකයේ මවගේ නමෙහි වැරැද්ද සංශෝධනය කිරීම
නිවැරදි කළ යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපත
මවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
මවගේ ජාතික හැදුනුම්පතේ පිටපත
දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ මුල් පිටපත
උප්පැන්න සහතිකයේ පියාගේ / මුත්තාගේ නම නිවැරදි කිරීම, ඇතුළත් කිරීම හා විවාහක අවිවාහක බව ඇතුළත් කිරීම
- නිවැරදි කළ යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- පියාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- දෙමපියන්ගේ විවාහ සහතිකයේ මුල් පිටපත
- මවගේ / පියාගේ ජාතික හැදුනුම්පත් පිටපත්
කල්ගත වූ උපත් ලියාපදිංචි කිරීම
උපත් විස්තරය (මුල් පිටපත)
අත් එන්නත් කාඩ්පතේ ඡායා පිටපත
දෙමව්පියන් විවාහක නම්, විවාහ සහතිකයේ මුල් පිටපත
දෙමව්පියන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත්
මව හා පියාගේ ජාතික හැදුනුම්පත් ඡායා පිටපත්
උපත සිදු වී අවු 1ට අඩු නම් රු.50/- ක මුද්දර
අවු 1ට වැඩි නම් රු100/- ක මුද්දර
ඉහත ලියවිලි රැගෙන මව පියා දරුවා සමඟ දිස්ත්‍රික් රෙජිස්ටාර් අංශයට පැමිණිමට කාරුණික වන්න.
කල්ගත වූ මරණ ලියාපදිංචි කිරීම
රෝහලක මිය ගියේ නම් රෝහලේ මරණ ප්‍රකාශයේ මුල් පිටපත.
ග්‍රාම නිලධාරී සහතිකය
ශෝක ප්‍රකාශ /මරණ දැන්වීම් වැනි දෑ
මිනී පෙට්ටිය ගත් රිසිට් පත
ආගමික වතාවත් කළ විහාරාධිපති හිමිගේ /දේවගැතිතුමාගේ ලිපිය
මරණය සිදු වී අවු1ට අඩු නම් රු. 50/- මුද්දර / අවු 1ට වැඩි නම් රුග 100/- මුද්දර
ප්‍රකාශකගේ උප්පැන්න සහතිකය / විවාහ සහතික හා ජාතික හැදුනුම්පත් පිටපත
ඉහත ලියවිලි රැගෙන සඳුදා හෝ බදාදා දිනෙක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය වෙත පැමිණිමට කාරුණික වන්න.




















